Monday, January 9, 2012

ආදරය දැනෙන්න ජීවත්වෙන්න...


ඔබ මට තරුවකි ගනදුරු රැයකදී
දිදුලන සදමෙන් ගුවන අරා
ලා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා....

  ආදරය තරම් උත්තරීතර දෙයක් ලොව නැති තරම්මය. එවන් ආදරයක් කෙලවර වන්නේ විවාහයකින්ය. විවාහයෙන් පසු අඹු සැමියන් බවට පත්වේ. විවාහ වී වසර දහයක් පමණ ගෙවී ගිය විටදී ඉහත සදහන් පදවලින් එකිනෙකා ආමන්ත්‍රණය කරගත හැකි නම් එයින් හැගී යන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක  බවය.
                              
                      සියලු දෙයින්ම අංග සම්පුර්ණ ගැහැණු හෝ පිරිමි මේ ලෝකයේ නැත. ඒ නිසා එවන් වූ සාර්ථක ජීවිතයක් ගත කල නොහැකි බොහෝ දෙනෙක් ජීවත් වේ. ඒ නිසා අපි අපගේ දුබලතා අවබෝධ කරගෙන ඒ තුලින් ජීවිතය අවබෝධ කරගත යුතුය. එසේ නොමැති වූ විට ඒ නිසා අපි අපගේ දුබලතා අවබෝධ කරගෙන ඒ තුලින් ජීවිතය අවබෝධ කරගත යුතුය. එසේ නොමැති වූ විට දුක් කම්කටොලු වලට මුහුණ දීමට සිදුවේ. නිතරම අවුල්සහගත තත්වයකට මුහුණදීමට සිදුවේ. අද මා මේ ලිපිය තුලින් අදහස් කරන්නේ එවන් වූ දුෂ්කරතා මගහරවාගෙන සාර්ථක ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්නය. විශේෂයෙන්ම පවුල තුල මනා බැදීමක් ඇතිවිමට නම් කරුණු කිහිපයක් අවදාරණයට ලක්විය යුතුය.
 

  1. එකිනෙක අතර පිලිසදරක් ඇතිවීම
  2. ආවේග පාලනය කිරීමට සමත්වීම 
  3. ගෙදර කටයුතු සහයෝගයෙන් කිරීම 
  4. ලිංගික ආස්වාදය හොදින් අවබෝධ කර ගැනීම 
  5. දරුවන් කෙරෙහි නිවැරදි අවබෝදයකින් සංවේදීවීම 
  6. අගය කීරීම 
  7. සැක සංකා ඇතිකර නොගැනීම 
  8. සංස්කෘතික ජීවිතයක් අත්කර ගැනීම 
  9. තමන් අදහන ආගම ඇදහීම 
 
මේ සියලු කරුණු සම්බන්ධ වගකීම් ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම පිළිපැදිය යුතුය. එසේම ජීවිතය සතුටින් ගත කිරීමට නම් පිරිසිදුකම සියලු කරුණු සම්බන්ධ වගකීම් ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම පිළිපැදිය යුතුය.පිළිවෙල සිරිත් විරිත් යුතුකම් ගමන් බිමන් ‍ගෞරවය පිළිගැනීම ආත්මාර්ථ කාමී නොවීම ,අපි යන හැගීම විවෘත බව පවුල් ජීවිතයක් සාර්ථක වීමට තිබිය යුතුය. එසේම ජීවිතයට ආලෝකය අවශ්‍ය වූ විට දරුවන් දෙමවුපියන් සහෝදර සහෝදරියන් අසල්වැසියන් යහළුවන් සේවකයින් ගුරුවරුන් ආගමික නායකයින් ආදී සියල්ලන් සමග සම්බන්දතා පැවැත්වීම වඩාත් සුදුසුය. ජීවිත අවබෝධය සදහා ජීවත් වීමටනම් දැනුම අවශ්‍ය වේ.
     
විභාග සමත් කිරීමෙන් දැනුම නොලැබේ. ඉතාමත්ම අවධාරණයෙන් පවසන්නේ ජීවත් වීම සදහා සාහිත්‍ය කලාව වඩාත් හොඳින් උරුම වන බවය. එසේම රසවින්දනය කියවීම සංචාරය තුලින් ජීවිතයට මිහිරක් ගෙනදේ.
                              
                           ආදරයේ සැබෑ අරුත විද ගැනීමට නම් තීරණ ගන්න නිදහස විශ්වාසය තුලින් මන බැදීමක් දෙදෙනා තුල ඇතිවේ. මෙලෙස ආදරය දැනෙන්න ජීවත් වීමටනම් ඉහත සදහන් කල පරිදි කරුණු අවශ්‍ය වේ. ඔබත් විවාහක යුවලක් නම් මෙවැනි යුතුකම් ඔබ අතිනුත් සිදුවනවාද යන්න සිතා බලන්න. එසේනැති නම් ඔබත් උත්සාහ කරන්න එවිට සාර්ථක ජීවිතයක් ගත කල හැකිය. 

උපුටා ගැනීම - ආදරය දැනෙන්න ජිවත් වෙන්න, සරත් විජේසූරිය

Tuesday, January 3, 2012

ආරම්භය....

ලැබුවාවූ නවවසර සාමය සතුට පිරි නවවසරක් වේවා! කියල මුලින්ම මම සුබ පතනවා. මටත් හිතුන අලුත් දෙයක් පටන්ගන්න ඕන කියල ඒ නිසා මම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා. විද්ද්‍යාව හා තාක්ෂණය අතින් ලෝකය දියුණු වීමත් එක්කම කොම්පපියුටර් තාක්ෂණය ගොඩක් දියුණුවුණා. ඒ නිසාම ලොකු කුඩා සියලුදෙනාටම අන්තර්ජාලය සමග සම්බන්ධවෙන්නට අවස්ථාව උදා උනා .
    මේ නිසා ආර්ථික වාසි මෙන්ම දැනුම විනෝදය ආදී නොයෙකුත් අංග තුලින් දැනුම ලබාගත්ත.
 ඒ වගේම සිංහල බ්ලොග් කලාවද ගොඩක් දෙන අසාවෙන් කියවනවා .මමත් මෑතකදී ඉදල තමයි
මේවා කියවන්න ගත්තේ. ඇත්තටම ගොඩක් ලස්සන ආටිකල් කියෙව්වා. ඒ නිසා මටත් හිතුන මගේ දැනුම මම  දන්නා දේවල් මගේම බ්ලොග් එකකින් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න .ඉතින් මමත් ඔන්න පටන්ගත්ත .අලුත් තොරතුරු ඔයාලත් එක්ක බෙදාහදා ගන්න බලාපොරොත්තුවෙන්.. .